Tuesday, April 1, 2025

කුණාටුව

 පොළොව යටදී බීජයක් 

තෙමුණු පොළොවක් විඳිමින් 

සිහින දකී විඳින්නට 

පොද වැස්සක් 


ටිකෙන් ටික වැඩෙන පැළයක් 

නිදහසේ විඳිනවා මඳ වැස්සක් 

පතමින් තව තවත් 

සුන්දරතම වැස්සක් 


පුංචි පැළයක් ගසක් වෙනවා 

ලොකු කමින් - පොද වැහි , හිරිපොද නොසලකමින් 

දැන් මහා රූස්ස ගහක් ;

මුල් ඇදුණු , වේලුණු , කොළ හැලුණු ....


කලාතුරකින්, මැදියමට කිට්ටුව 

මහා කුණාටුවක් ; මුල්, වැල් , කොළ සසළ කරමින් 

විඳගන්නටත් කළින්ම ගිහින් 

හැම මුලක්ම බුරුල්කරමින් 


රූස්ස ගසත් කිසිත් නොසිතාම 

විඳිමින් කුණාටුවේ මිහිර තවමත් ....


මුල් බුරුල් වැඩුණු රූස්ස ගස 

ඔරොත්තු දෙයිද තවත් කුණාටුවකට ?